මේ ප්‍රදේශවලට පැය 10 ක් ජලය නෑ

(sulochana dharmarathne )

24 Jun 2022 | 11:30 AM 23



ජුබිලි පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 10 සිට පසුදා පෙරවරු 8 දක්වා පැය 10 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

මේ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ දක්වා මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

එමෙන්ම හයිලෙවල් පාරේ විජේරාම හන්දියේ සිට 7 වන සැතපුම් කණුව දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරු මාර්ග මෙන්ම නුගේගොඩ හන්දියේ සිට නාවල පාරේ විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල කප්පාදුව සිදු කෙරෙන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.  



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 8


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES