වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

(sulochana dharmarathne )

29 Jun 2022 | 10:45 AM 34



වැලි මැසි පරපෝෂිතයෙකුගෙන් ව්‍යාප්ත වන ලිෂ්මනයිස් රෝගය යළිත් මේ වන විට බහුලව පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. 

උතුරු මැද පළාත තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවයි අනුරාධපුරය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය පැවසුවේ. 

මේ අනුව අනුරාධපුරය ශික්ෂණ රෝහලෙන් රෝගීන් මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ 167 දෙනෙකු හදුනාගෙන ඇති බව ඇය සඳහන් කළා.

පසුගිය වසරේ දී එම රෝගීන් වාර්තා වූයේ 287 දෙනෙකු පමණක් වන බවයි හේමා වීරකෝන් මහත්මිය සඳහන් කළේ. 

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පදවිය සහ තලාව යන කොට්ඨාශ දෙකෙන් වැඩි වශයෙන් එම රෝගීන් හමුවන බව සඳහන්.

මේ අනුව එම රෝගී තත්ත්වයේ ප්‍රබේද තුනමද මෙරටින් හමු වූ එකම දිස්ත්‍රික්කය වන්නේ ද අනුරාධපුරය වනවා.

වැලි මැසි දෂ්ඨනයෙන් සති දෙකකට පසු සමෙන් රතු පැහැති ලපයක් හට ගැනෙන බව සඳහන්.

ඉන් අනතුරුව එය කුඩා ගැටිති ස්වභාවයක් ගැනෙන අතර ක්‍රමයෙන් විශාල වී තුවාලයක් බවට ප ත්වනවා.

මෙම ගැටිති හෝ තුවාල බෙල්ල, මුහුණ, අත් සහ දෙපා වැනි ශරීරයේ නිරාවරණය වූ ස්ථානවල බහුලව හටගන්නා බව සඳහන්. 

වැලි මැසි දෂ්ඨනයෙන් අනතුරුව එය ශරීරයේ ඕනෑම ස්ථානයක ආසාදනය වන බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. 

මේ හේතුවෙන් මිනිස් වාසස්ථානය තුළ සහ ඉරිතලා ගිය බිත්ති, ගුහා වැනි ප්‍රදේශ, කෙසෙල් ගස්, මානං පඳුරු, තෙත් බිම්, අඳුරු පරිසර ස්ථානවලින් හැකිතාක් ඉවත්ව සිටින ලෙස මහජනතාවට සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. 

 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES