කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැදවියන් 600 දෙනෙකු සොයා සිදුකළ මෙහෙයුම් යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් එක්ව අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
මේ හේතුවෙන් තුන්ගාවිල පාලම ආසන්නය ඇතුළු ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත් බවයි ඒ මහතා පැවසුවේ.
එම රැදවියන් අද උදෑසන 8 ට පමණ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැදවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ රාත්‍රියේ සිට එම මධ්‍යස්ථානයේ නොසන්සුන්තාවක් හටගෙන තිබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.