ඉහල කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

(sulochana dharmarathne )

03 Aug 2022 | 11:00 AM 31



මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් අද විවෘත කර තිබෙනවා.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වීම හේතුවෙන් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්න ලෙස සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 05 කට ආසන්න වී ඇති බවත් කාසල්රි ජලාශයද පිටාර මට්ටමට අඩි 06 කට ආසන්න වී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළිවල ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා.



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES