(sulochana dharmarathne )
03 Aug 2022 | 11:45 AM
17
ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරමල වැලිපර ආශ්රිත ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 47 ග්රෑම් 240 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. උතුරු මැද නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින් මන්නාරම වැලිපර ආශ්රිත ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ලෙස පාර්සල් 19 ක් ලෙස අසුරා එම ප්රදේශයේ වළ දමා තිබූ කේරළ ගංජා කිලෝ 47 ග්රෑම් 240 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගත් බව සඳහන්. නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් රට තුළට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරල ගංජා තොගය මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස පළ කරනවා. එමෙන්ම අදාළ කේරළ ගංජා තොගයේ දළ විථී වටිනාකම රුපියල් මිලියන 14 කට අධික වන බව සඳහන්.
TOP STORIES
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද
12 Aug 2022 | 11:15 AM
17
FEATURES