(sulochana dharmarathne )
03 Aug 2022 | 12:15 PM
25
ගාලු මුවදොර පිහිටි අරගලයට පසුගිය මැයි මස 9 වැනි දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රගතිය ලබන 24 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නිකුත් කළ නියෝගයකට අනුවයි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි. ඊට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
TOP STORIES
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද
12 Aug 2022 | 11:15 AM
17
FEATURES