සමාගම් හතරකට අයත් ගුවන් යානා 26ක් චීනය බලා පියාසර කිරීම අත්හිටුවේ

26 Aug 2022 | 6:15 PM 29



චීනය බලා පියාසර කිරීමට නියමිත චීන ගුවන් සමාගම් 4 කට අයත් ගුවන් යානා 26 ක ගුවන් ගමන් අත්හිටුවීමට අමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළේ සිට චීනය බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා 19 ක් හා නිව්යෝර්ක් ගුවන් තොටුපොළේ සිට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා 07 ක් එලෙස අත්හිටුවීමටයි අමෙරිකාව පියවර ගෙන ඇත්තේ.

ලබන සැප්තැම්බර් 5 වනදා සිට 28 වනදා දක්වා එම අත්හිටුවීම ක්‍රියාත්මක බව සඳහන්.

අමෙරිකාව එලෙස චීන ගුවන් යානා අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ චීනයට ප්‍රතිචාර වශයෙන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකාවේ සිට පැමිණෙන ගුවන්යානාවලින් චීනයට ඇතුළුවන ගුවන් මගීන් අතරින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනෙන බව චීනය ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව අමෙරිකාවේ සිට පැමිණෙන අමෙරිකානු ගුවන් සමාගම් 3 කට අයත් ගුවන්යානා 26 ක් අත්හිටුවීමට ද චීනය විසින් පසුගියදා පියවර ගෙන ඇත්තේ.

අමෙරිකාව මෙලෙස චීන ගුවන්යානා 26 ක ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

කෙසේවෙතත් අමෙරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. 



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 21


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES