ඉන්දියාව පැරදූ පකිස්ථානයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

05 Sep 2022 | 1:15 PM 26



ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ඊයේ(04) පැවති දෙවන තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 5 ක තියුණු ජයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට අවස්ථාව ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලුරෑ හතක් දැවී ලකුණු 181 ක් රැස් කළා.

විරාත් කෝලි ලකුණු 60 ක් රැස් කළ අතර, නායක රෝහිත් ෂර්මා පන්දු 16 කදී ලකුණු 28ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 19.5ක දී කඩුලුරෑ පහක් පමණක් දැවී එම සීමාව පසුකර යමින් ජයග්‍රහණය වාර්තා කළා.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 71 ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 42 ක් ලබා ගත්තා.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තුන්වන තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි. 



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES