මහ රැජින දිවි ගමනට සමු දෙයි - කිරුළ චාල්ස් කුමරුට

09 Sep 2022 | 6:00 AM 52



බ්‍රිතාන්‍යයේ  දෙවන එලිසබෙත් මහරැජිණ සිය දිවි ගමනට සමුදී තිබෙනවා.

බකිංහැම් මාලිගය  ඊයේ රාත්‍රියේදී නිවේදනය කලේ  96 හැවිරිදි  දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බවයි.

ඇය විසින්  කිරුළ හොබවන ලද කාලය වසර 70 ක්.

දෙවන එලිසබෙත් මහරැජිණගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ  රාජ්‍යත්වය  චාල්ස් කුමරු ට පැවරී තිබෙනවා.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ දරාගත් දෙවන එළිසබෙත් මහරැජින වසර 70 ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරනු ලැබුවා.

දෙවන එළිසබෙත් මහ රැජින කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් සිදු කෙරෙමින් පැවති 1952 වසරේදී.

මහරැජිනගේ දේහය අද  ලන්ඩන් නුවරට රැගෙන එමට් නියමිතයි.

1926 වසරේ අප්‍රේල් මස 21 වනදා  ලන්ඩන් නුවරදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබෙනවා.

අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ මීට සතියකට පෙර මහ රැජින වෙතින් පත්වීමේ ලිපිය ලබාගත් එරට  තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් වීමද විශේෂත්වයක්.

චාල්ස් කුමරු   රාජ්‍ය නායකයා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14ක නව රජු ලෙස කටයුතු කරනු ඇති.
.



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 21


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES