දින 25,782ක රාජ්‍යත්වය - VIDEO

09 Sep 2022 | 1:00 PM 66



එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරුළ දැරූ දෙවන එලිසබෙත් රැජිනගේ පාලන සමය තුළ ලෝකය නිරන්තර වෙනස්කම් වලට භාජනය වූ නමුදු ඇය එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ජනතාවගේ ජීවිතවල නිරන්තරවම කේන්ද්‍රස්ථාස්ථානයක් හිමිකර ගෙන සිටියා.

පසුගිය පෙබරවාරි 6 වන දා ඇය  සම්පුර්ණ කළේ සිංහාසනයේ වසර 70ක පාලන සමයයි.

රාජ්‍යත්වයේ ප්ලැටිනම් ජුබිලිය සැමරූ  පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්වෙන්නේද ඇයයි.

එලිසබත් රැජින බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවය හේතුවෙන් 

වත්මන් ලෝකයේ දීර්ඝ කාලයක් සිහසුන දැරූ තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් (Bhumibol Adulyadej) රජු  අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව, දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටි  රාජ්‍ය නායිකාව බවටයි  පත්වූයේ.

ඇය  අවස්ථා දෙකකදී මෙරට සංචාරයකට එක්  වුනා .

එලිසබත් රැජිනගේ ධුර කාලය  වසර 70කුත්  දවස් 214ක්.

රැජින රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ කාලය, පශ්චාත් යුධ කප්පාදුව, අධිරාජ්‍යයේ සිට පොදුරාජ්‍ය මණ්ඩලයට සංක්‍රමණය වීම, සීතල යුද්ධයේ අවසානය සහ එක්සත් රාජධානිය යුරෝපා සංගමයට එකතු වීම සහ ඉන් ඉවත් වීම දක්වා පැතිර පවතිනවා.

යුද්ධය පැවති  සමයේ ඇය රාජකීය නාවික හමුදාවේ සේවය කළ ඇගේ තුන්වන ඥාති සොහොයුරා වන ග්‍රීසියේ පිලිප් කුමරු සමඟ ලිපි හුවමාරු කර ගත්තා.

ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය මල්පල ගැන්වී 1947 නොවැම්බර් 20 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී විවාහ වූවා.

කුමරු එඩින්බරෝ ආදිපාද පදවිය ලබා ගත්තා.

ඇය ඔහුව විස්තර කළේ "මා සමග රැඳී සිටි මගේ ශක්තිය" ලෙසයි. 

වසර 74 ක විවාහ දිවිය අවසන් වන්නේ  2021 දී එඩින්බරෝ ආදිපාදවරයා 99වන වියේදී මරණයට පත්වීම හේතුවෙන්.

ඔවුන්ගේ පළමු පුත් චාල්ස් 1948 දී ද,  ඈන් කුමරිය 1950 දී ද, ඇන්ඩෘ කුමරු 1960 දී ද, එඩ්වඩ් කුමරු 1964 දී ද උපත ලැබුවා.

ඔවුන් තම දෙමාපියන්ට මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් 12 දෙනෙකු ලබා දුන්නා.

වයස අවුරුදු 27 දී, එවක වාර්තාගත රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් වූ මිලියන 20 කට අධික ඇස්තමේන්තු ගත ජනතාවක් ඉදිරියේ එලිසබෙත් 1953 ජූනි 2 වන දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ඔටුනු පැළඳුවා.

ඇයගේ පාලන සමය 1874 දී උපත ලද වින්ස්ටන් චර්චිල්ගෙන් ආරම්භ වී, වසර 101 කට පසුව 1975 දී උපත ලැබූ මෙම සතිය මුලදී රැජින විසින් පත් කරන ලද ලිස් ට්‍රස් ඇතුළු අගමැතිවරුන් 15 දෙනෙකු දක්වා විහිදී  ගියා.

ඇයගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත් චාල්ස්, හිටපු වේල්ස් කුමරු, තුන්වන චාල්ස්  නමින් රාජ්‍ය නායකයා ලෙස සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14 ක නව රජු ලෙස කටයුතු කරනු ඇති. 



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 21


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 20



FEATURES