ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පන මාලාවක්

10 Sep 2022 | 11:45 AM 63



ඉන්දුනීසියාවේ ඒකක  6.2 ක පරිමාණයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

බටහිර පැපුවා සාගර  ප්‍රදේශයේ  කිලෝමීටර 16 ක් පමණ ගැඹුරින්  කම්පනය හටගෙන ඇති බව වාර්තා වන්නේ.

ප්‍රධාන කම්පනයෙන් පසු - කම්පන  මාලාවක්  ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතෙන් ද වාර්තා වූ බව එරට  මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත්  හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

ඉන්දුනීසියානු කාලගුණ -දේශගුණ - සහ භූ විද්‍යා ඒජන්සිය පැවසුවේ බටහිර පැපුවා පළාතේ මධ්‍යම මම්බේරාමෝ දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 37ක්  වයඹ දෙසින්  6.2ත් 5.5ත් අතර පරිමාණයේ භූමිකම්පා හතරක් පමණ  සටහන් ව ඇති බවයි.

භූ කම්පන හේතුවෙන් සුනාමි අවදානමක් මෙතෙක් නිරීක්ෂණ වී නොමැති බවද එරට ආපදා කළමානකරණ ආයතනය පැවසුවා.

මිලියන 270 ක පමණ ජනගහනයක් සහිත ඉන්දුනීසියාවට  භූ කම්පන ක්‍රියාකාරී දූපත් සමූහයක් අයත් වන අතර එම ප්‍රදේශය  භූමි කම්පා, ගිනිකඳු පිපිරීම් සහ සුනාමි අනතුරු වැනි ස්වභාවික අනතුරු බහුල කලාපයක්.



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES