දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා අවසන් මහ තරගයට

10 Sep 2022 | 4:15 PM 40



ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට අද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා .

ඒ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමින් .

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය නිමවනවිට ලකුණු 17ට 7ක් ලෙස පෙරමුණ ගෙන පසු වුනා .

දෙවන වටයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 15ක් රැස්කර ගත් අතර හොංකොං කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 9ක් පමණයි .

තුන්වන වටයේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිඳු අභියෝගයක් එල්ල කිරීමට හොංකොං ක්‍රීඩිකාවන්ට හැකි වුයේ නැහැ .

මෙහිදී නියමිත කාලය නිමාවන විට ලකුණු 67ට 43ක් ලෙස තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා දැල් පන්දු ලෝක ශූරතාවය සඳහාත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණා.



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 43



FEATURES