සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 21යි

11 Sep 2022 | 7:45 AM 35



අමෙරිකාවේ වොෂින්ටන් - නිව්යෝර්ක් දෙනුවරට එල්ලවූ ප්‍රහාරයට අදට වසර 21 ක් සපිරෙනවා.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා අමෙරිකාවේ වේලාවෙන් පෙරවරු 08.46 ට නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනට පළමු ගුවන් යානය කඩා වැදුණා.

ඉන් විනාඩි කිහිපයකට පසු දකුණු කුලුනටද ත්‍රස්තවාදීන් විසින් පැහැරගනු ලැබූ ගුවන් යානයක් කඩා වැදීමට සලස්වනු ලැබුවා.

වොෂින්ටන් නුවර පෙන්ටගන් ගොඩනැගිල්ලට 03 වන ගුවන් යානය පතිත වූයේ අමෙරිකාවේ වේලාවෙන් පෙරවරු 09.37 ටයි.

මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සිවිල් වැසියන් 2977 දෙනෙකු සහ ප්‍රහාරයේ වගකීම භාරගත් අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු මරණයට පත්වුණා.

අමෙරිකාව විසින් සැගව සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ඇෆ්ඝනිස්ථානය තුළ යුධ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේද සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුවයි.

කෙසේවෙතත් එම මෙහෙයුම් වසර 20 කට පසු පසුගිය වසරේ නිමාවට පත් කෙරුණා.



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES