දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගාව වෙත රැගෙනවිත් තිබෙනවා.

අනතුරුව බි්‍රතාන්‍ය වේලාවෙන් අද පස්වරුවේ එය පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන යාමට නියමිතයි.

එහි දින 04 ක් පුරා මහජන ගෞරවය සඳහා රැජිණගේ දේහය තැන්පත් කර තැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

බකිංහැම් මාළිගාවේ සිට පාගමනින් වෙස්ට්මිනිස්ටර් දක්වා දේහය රැගෙන යන අතර තුන්වන චාල්ස් රජු සහ විලියම් හා හැරී කුමරුන්ද ඊට සහභාගී වීමට නියමිතයි.

හෙට සිට ලබන ඉරිදා දක්වා වන දින 4 දී එළිසබෙත් රැජිණට දහස් සංඛ්‍යාත පිරිසක් අවසන් ගෞරව දක්වනු ඇතැයි අපේක්ෂිතයි.

රාජකීය අවමංගල උත්සවය යෙදී ඇත්තේ ලබන ඉරිදාටයි.

මේ අතර රුසියාව - බෙලරුසියාව සහ මියන්මාරයට රාජකීය අවමංගල උත්සවය සඳහා ආරාධනා නොකරන බව බ්‍රිතාන්‍ය රජය තහවුරු කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල නිරතවීම ඊට හේතුවයි.



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 21


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES