T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

15 Sep 2022 | 12:30 PM 38



එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තමන් අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ, ක්‍රීඩා කවුන්සිලයේ නිර්දේශය පරිදි, විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉදිරිපත්වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුමැතිය ලබා දුන් බවයි.

එමෙන්ම 2022 ඔක්තෝබර්  16 සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රලෙියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරන ආසියානු ශූර ශ්‍රී ලංකා සංචිතය බොහෝ විට අද දිනයේ දී නිවේදනය කරනු ඇති.

එම සංචිතය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින් අනතුරුව තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.

එමෙන්ම ඔක්තෝබර් 16 වැනි දා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමඟ පෙරහුරු තරග දෙකකට ද සහභාගි වීමට නියමිත බව සදහන්.



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES