යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 67



ශ්‍රී ලාංකේය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන 'මැණිකේ මගේ හිතේ' ගීතය බොලිවුඩ් සුපිරි නළු අජේ දේව්ගන් රංගනයෙන් දායක වන තෑන්ක් ගෝඩ් චිත්‍රපටය සඳහා යොදා ගෙන තිබෙනවා. 

එම ගීතය 'මැණිකේ' ලෙස නම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

එරට ප්‍රමුඛ පෙළේ සංගීත නිෂ්පාදන සමාගමක් සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ටී සීරියස් අද දිනයේ එම ගීතය මුල් වරට නිකුත් කළා.

මැණිකේ මගේ හිතේ ගීතයේ තනුවට හින්දි බසින් ලියැවුණු පද මාලාවකින් එය අන්තර්ගත වන අතර එම හින්දි අනුවාදය ද යොහානි විසින්ම ගයනු ලැබීම විශේෂත්වයක්. 

තෑන්ක් ගෝඩ් චිත්‍රපටය සඳහා බොලිවුඩ් තරු වන අජේ දේව්ගන්, සිද්ධාර් ත්  මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි රංගනයෙන් දායක වනවා.

මිනිත්තු තුනක කාලයකින් සමන්විත මැණිකේ ගීතයේ වීඩියෝව ආරම්භ වන්නේ, අජේ දේව්ගන්ගේ රංගනයෙන්. 

ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තෑන්ක් ගෝඩ් චිත්‍රපටය ඔක්තෝබර් 25 වන දින නිකුත් කිරීමට නියමිතයි.

 



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 44


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 67


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES