T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 43



පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. 

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. 

එමෙන්ම අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක සංචිතයට ඇතුළත්.


තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස වනිදු හසරංග, චාමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා සංචිතයට නම් කර තිබෙනවා.

මීට අමතරව ලෝක කුසලාන සංචිතයට අයත් ප්‍රධාන වේග පන්දු යවන්නන් ගණන 4ක්. 

ඒ අනුව දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර මෙන්ම ඩිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන් යන ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. 

වනිදු හසරංගට අමතරව ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙස මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාවේදී  ආරම්භ වීමට නියමිතයි. 

තරගාවලියේ පළමු වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔක්තෝබර් 16 වනදා නැමීබියාවට එරෙහිව තරග වදිනවා. 

එමෙන්ම ඔක්තෝබර් 18 වනදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වනදා නෙදර්ලන්තයට එරෙහිවත් තරග වැදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 43



FEATURES