දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 41



ආසියානු ශූරතාව දිනූ  දැල්පන්දු ජාතික කණ්ඩායමේ සියළු ක්‍රීඩිකාවකටම රුපියල් ලක්ෂ 20  බැගින් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය රිදී පදක්කම්ලාභීනට   රුපියල් මිලියන  10ක්  ලෝකඩ පදක්කම්ලාභීනට   රුපියල් මිලියන 5 ක් සහ එම පුහුණුකරුවන් ට  25% ක් ක්‍රීඩා අරමුදලෙන් ලබා දීමටද කටයුතු කෙරෙන බව  ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.

ආසියානු - ක්‍රිකට් ශූරයින් සහ  දැල්පන්දු ශුරියන්  මෙන්ම  සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභින් ඇගයීමේ  උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹදී    පැවැත්වුනා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අපේක්ෂා රෝහලට ද ඩොලර් ලක්ෂ 5 ක්  හෙවත් රුපියල් කෝටි 18ක පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා.

ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත භාර  දුන් බවයි  ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 16


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 41


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 43



FEATURES