දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

20 Sep 2022 | 1:45 PM 18



දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු දකුණු අප්‍රිකාවට ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

අප්‍රිකානු දේශප්‍රේමි සංවිධානයක් විසින් බ්‍රිතාන්‍ය රජ පවුලට මේ බව දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා හෙවත් කලිනන් වන් යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගෙන තිබෙනවා.

මෙය දකුණු අප්‍රිකාවෙන් හමු වූ විශාලතම දියමන්තිය පමණක් නොව වටිනාම දියමන්තිය වන බව සඳහන්.

යටත්විජිත සමයේ මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අනුවයි දියමන්තිය ඔටුන්නට සවිකර ඇත්තේ.මේ අතර දකුණු අප්‍රිකානු දේශප්‍රේමි ක්‍රියාකාරීකයින් පෙන්වා දෙන්නේ කලිනන් වන් දියමන්තිය පමණක් නොව දකුණු අප්‍රිකාවෙන් හමු වී පසුව බ්‍රිතාන්‍ය
රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවයි.

එම දියමන්තිය බි්‍රතාන්‍ය සුදු ජාතිකයින් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ලකෑ බවට ද ඔවුන් චෝදනා කර තිබෙනවා. 



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 18


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES