SA20 වෙන්දේසියේදී අලෙවි වූ ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා

20 Sep 2022 | 2:00 PM 13



දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20 යි 20 ලීග් තරගාවලිය(SA20) වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායම් දෙකක් විසින් මිලදී ගෙන තිබෙනවා.

දිල්ෂාන් මධුෂංක සහ කුසල් මෙන්ඩිස් මෙලෙස එම කණ්ඩායම් වෙනුවෙන් මිලදී ගෙන ඇති බව සඳහන්.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20 යි 20 ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ කේප් ටවුන් නගරයේදී පැවැත්වුණා.

එම වෙන්දේසියට පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණ ඇතුලු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අතුරින් පිටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් ලක්ෂ 85 කට ආසන්න මුදලකට මිලදී ගෙන තිබෙනවා.

එමෙන්ම දිල්ෂාන් මධුෂංක ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ලක්ෂ 56 කට ආසන්න මුදලකට මිලදී ගෙන තිබෙන බව සඳහන්. 



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES