ප්‍රවීන ලේඛක ජයකොඩි සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

(sulochana dharmarathne )

22 Sep 2022 | 1:30 PM 20



සම්මානනීය ප්‍රවීන ලේඛක ජයකොඩි සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසු වුණා.

1968 වසරේ දී ලේඛන කලාවට පිවිසි ඒ මහතා වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

ආදර ගඟ ගලන දෑස හරහා පළමු කෘතිය ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ බව සඳහන්.

1984 වසරේ දී රචනා කළ කුමාරිහාමි නව කතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

ප්‍රවීන ලේඛක ජයකොඩි සෙනෙවිරත්න මහතාගේ දේහය අංක 09, නුගේවත්ත, කිරිදිවැල නිවසෙහි තැන්පත් කර තිබෙනවා.

අනිද්දා සවස 4 ට පූගොඩ හල්පිට පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ. 

 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES