බඩඉරිඟු රැගත් කන්ටේනර් 13 ක් ආපසු යවයි

(sulochana dharmarathne )

22 Sep 2022 | 3:15 PM 19



ත්‍රිපෝෂ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම වෙත ආනයනකරුවන්ගෙන් ලැබුණු බඩඉරිඟු රැගත් කන්ටේනර් 13 ක් නැවත හරවා යැවුණු බව ත්‍රිපෝෂන සමාගම පවසනවා.

ඇෆ්ලටොක්සීන් නමැති රසායනිකය බඩඉරිඟුවල ඉහළ ප්‍රතිශතයක් අඩංගු වීම හේතුවෙන් එම කන්ටේනර් නැවත හරවා යැවූ බවයි ලංකා ත්‍රීපෝෂ සමාගම සඳහන් කළේ. 

එම කන්ටේනර්වල බඩඉරිඟු මෙටි්‍රක්ටොන් 260 ක් පැවති බව සඳහන්. 

ත්‍රීපෝෂ සමාගම පෞද්ගලික ආනයනකරුවන් හරහා බඩඉරිඟු ලබාගන්නා අතර ප්‍රතික්ෂේප කළ කන්ටේනර් 13 එම ආනයනකරුවන්ට නිල වශයෙන් නැවත භාරදුන් බවයි වාර්තා වන්නේ. 

මේ අතර වෙළෙඳපොලේ ඇති ත්‍රීපෝෂවලට සමාන ශක්තිජනක ආහාර රැසක දිඇෆ්ලටොක්සීන් රසායනිකය අධි ප්‍රතිශකයකින් පැවතීම නිසා සෞඛ්‍ය අංශ එම සමාගම්වලට එරෙහිව මේ වන විටත් නඩු පවා ඇති බවයි වාර්තා වන්නේ. 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES