"පොත් කියවන එක මදි...හැබැයි ගිනි තියන්න එපා..."

22 Sep 2022 | 5:00 PM 44



මෙරටින්  විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු  ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධාන කිරිමට  අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී  23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද  එක් වූ අවස්ථාවේ දී. 

නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි  ජනාධිපතිවරයා පැවසුවේ.

අද ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ඇතුළු  පිරිස විසින් පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්, අතුල ජයකොඩි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙනවා.

 ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක ද නිරත වුනා.

ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ... 

" ...අපේ රටේ පොත් කියවන එක මදි.... 

වැඩි වැඩියෙන් පොත් කියවීමට උනන්දු කරවන්න ඕන.. . 

හැබැයි පොත් ගිනි තියන්න එපා..."   

අරගලකරුවන් පිරිසක් විසින් එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට පසුගිය ජුලි 9 වනදා  කළ ගිනි තැබීමකින් ඒ මහතගේ පුස්තකාලයද විනාශ වුනා.

පොත් විශාල සංඛ්‍යාවක් සහිත පුස්තකාලයකින් සමන්විත වූ මෙම නිවස රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ රාජකීය විද්‍යාලය වෙත පැවරීම සඳහා පරිත්‍යාග කර තිබුණා.

ගිනි ගන්නා අවස්ථාවේ එම පොත්පත්වලින් කොටසක් ආරක්ෂා සහිතව ඉවත්කරගැනීමට ආරක්ෂක අංශ කටයුුතු කළා.



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES