ආහාර සපයා ගැනීම දුෂ්කරනම් කතා කරන්න අංක මෙන්න

23 Sep 2022 | 6:30 AM 34



රටේ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටේ ඕනෑම තැනක යම් දරුවෙක්, පුද්ගලයෙක් හෝ පවුලක් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති ලර්යලය පවසනවා.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙන අතර  011 4 354 647 හෝ 011 4 354 354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකියි.

සාමාජිකයන් 05 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙලෙන අය සිටින පවුල්, අවුරුදු 05ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල්, ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්ණායක ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙවැනි පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ මාසිකව රුපියල් 15,000 ක් ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට හැකියාව ඇත. එහිදී මුල් මාස 03 සඳහා මුදල් ලබාදෙන අතර තවත් මාස 06 ක් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි.

මීට අමතරව අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සඳහා රජයෙන් මාසිකව රු. 10,000ක්, මාස 06ක් දක්වා ලබාදීමටයි  කටයුතු සකස් කර ඇත්තේ.

මෙම කිසිවකට ඇතුළත් නොවුණ, මේ අවස්ථාවේ ආහාර නොමැතිකමින් පීඩා විඳින පවුල් සිටී නම් ඒ අය සඳහා ද කෙටිකාලීනව ආහාර ලබාදීමේ හැකියාවක් පවතින අතර ඔවුන් ඒ වෙනුවෙන් ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හරහා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකය වෙත ඉල්ලීමක් කළ යුතු වනවා.

ඊට අමතරව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සිටින පවුල් සිටී නම්, එවැනි පවුල් සඳහා රජයෙන් ක්‍රියාත්මක කෙරෙන මාපිය කැපකරු ක්‍රමය වැනි වැඩසටහන් ඔස්සේ අධ්‍යයනයන් සිදු කොට ආහාර ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති.

එමෙන්ම ආහාර නොමැති කමින් පෙළෙන පවුල් පිළිබඳව තොරතුරු පාසල් ගුරුවරුන්ටද මැදිහත් වී අදාළ අංශ වෙත යොමු කළ හැකි අතර එවැනි පවුල් සඳහා ආධාර උපකාර කිරීමට කැමති හා හැකියාවක් සහිත අයට ද මේ සඳහා සම්බන්ධ වී කටයුතු කිරීමේ අවස්ථාව පවතිනවා. 

ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ සමග සම්බන්ධ වී මෙම වැඩසටහන් ක්‍රියාත්මත කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ අවස්ථාව ද ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES