T20 පළමු කඩුල්ල ට ලෝක වාර්තාවක්

23 Sep 2022 | 10:45 AM 50



පන්දුවාර 20 යි 20 තරගයකදී පළමු කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් පිහිටුවීමට ආසියානු ක්‍රිකට් අනුශූරයින් වන පාකිස්තානය සමත් වී තිබෙනවා.

ඒ, එංගලන්තය සමඟ කරච්චි නුවර පැවති දෙවන 20 යි 20 තරගයේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 203 ක සබඳතාවක් වාර්තා කරමින්. 

කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දු 3 ක් ඉතිරිව තිබියදී තරගය ජයගනු ලැබුවේ ලකුණු 203 ක් රැස් කරමින්. 

එහිදී නායක බාබර් අසාම් පන්දු 66 කදී ලකුණු 110ක් වාර්තා කළ අතර මොහොමඩ් රිස්වාන් පන්දු 51 කදී ලකුණු 88 ක් රැස්කළා. 

ඊයේ තැබූ ලෝක වාර්තාව මඟින් බිඳහෙලනු ලැබුවේ පසුගිය වසරේ මෙම ක්‍රීඩකයින් දෙදෙනා විසින්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තැබූ
පළමු කඩුල්ලේ වාර්තාගත සබඳතාවයි.

එම තරගයේ දී ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 197 ක වාර්තාගත සබඳතාවක් පිහිටුවනු ලැබුවා. 

 



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES