වතු කම්කරුවන්ට රු. 1000 ක් ගෙවීමට එකඟතාව

(sulochana dharmarathne )

23 Sep 2022 | 2:30 PM 9



මස්කෙළිය වැවිලි සමාගමට අයත් මස්කෙලිය, තලවකැලේ සහ බදුල්ල යන ප්‍රදේශවල පිහිටි තේ වතුවල වතු වෘත්තිය සමිති විසින් දින ගණනාවක්ති ස්සේ ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද සිට අවසන්කිරීමට වතු වෘත්තිය සමිති තිරණය කර තිබෙනවා.

වතු කම්කරුවන්ට රජය මගින් දිනකට වැඩි කල රු දහසක වැටුප වසර දෙකක් තිස්සේ එම වතු සමාගම විසින් නොගෙවා සිටීමට විරෝධය පාමින් වතු වෘත්තිය සමිති මස්කෙලිය වැවිලි සමාගමේ සියළුම වතුවල දින ගණනාවක සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර තිබුණා.

එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අනුව එම වතු සමාගමේ තේ වතුවල දිනපතා නිෂ්පාදනය කරනු ලැබු තේ කුඩු කොළඹ තේ වෙන්දේසියට යැවීමට බාධා පැමිණිම නිසා වතු වෘත්තිය සමිති සහ මස්කෙලිය වැවිලි සමාගමේ ඉහළ පාලන අධිකාරිය සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමෙන් අනතුරුව වතු සමාගම රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු දහසක දෛනික වැටුප හිග වැටුපත් සමග ගෙවිමට එකගවිමත් සමග වතු වෘත්තිය සමිති එම සමාගමේ තේ වතුවල ක්‍රියාත්මක කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා.

එමෙන්ම දිනක රුපියල් දහසක වැටුප සදහා වතු කම්කරුවෙකු අමු තේ දළු කිලෝ 20 ක් නෙලිය යුතු බවත්ලඑසේ තේ දළු නෙලීමට නොහැකි වූ වතු කම්කරුවන්ට නෙලන තේ දළු කිලෝවකට පමණක් රු 40 -50 මුදලක් ගෙවීමට එම වතු සමාගම වසර දෙකක කාලයක්  කටයුතු කර තිබුණු බව සඳහන්. 

වෘත්තිය සමිති ක්‍රියමාර්ගය අත්හැරිමට සාකච්ඡාව සදහා සහභාගි වූ වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක සමාජිකයන් සහ තවත් වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක සමාජිකයන් අතර අද දින මස්කෙලිය ප්‍රදේශයේදි දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වු අතරලඑම උණුසුම් තත්ත්වය පාලනය කිරිමට මස්කෙලිය පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා. 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES