පැනගිය දැරියන් හතර දෙනෙක් මහ රෑ කැලෑ රොදක

23 Sep 2022 | 2:45 PM 91



පොලොන්නරුව හිඟුරක්ගොඩ බෝසත් බාලිකා ළමා නිවාසයේ සිටි දැරිවියන් හතර දෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් තිබෙනවා.

ඊයේ උදැසන පැනගොස් ඇති දැරිවියන් සොයා ගනු ලැබුවේ රාත්‍රි 11.00 ට පමණ  හිඟුරක්ගොඩ හිඟුරක ප්‍රදේශයේ කැලෑ රොදක සැඟවී සිටියදී.

වයස 18,15  හා13 වන වියේ පසුවන  දැරියන්ගෙන්   දෙදෙනෙකු පාසල් නිල ඇඳුමින් සැරසී සිට තිබෙනවා.

එම දැරියන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමටයි  කටයුතු යොදා තිබුණේ.                    

හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේකර මහතාගෙන් මෙම සිද්ධිය පිළිබඳ   අපි විමසීමක් කලා.

" .....ළමා නිවාසවල පාලනය කර ගැනීමට බැරි තරම් සංඛ්‍යාවක් ඉන්නවා. 

සේවක පිරිස මදි. 

පාලනය කරන්න අපහසු මුරණ්ඩු ළමයි තමයි බොහෝ විට දාල ඉන්නේ. 

ගෙවල්වල ඉන්නවට වඩා ළමයින්ගෙ ජීවිත අනාරක්ෂිත වෙලා...."          

හිඟුරක්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ධම්මිකා පත්මිණි මහත්මිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

(පොලොන්නරුව -  රොෂාන් තුෂාර තෙන්නකෝන්)



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES