ගල් අඟුරු ටෙන්ඩරය අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

(sulochana dharmarathne )

23 Sep 2022 | 2:45 PM 16



අගෝස්තු මස 25 වනදා ප්‍රදානය කරන ලද ගල් අඟුරු ටෙන්ඩරය කැබිනට් මණ්ඩලය විසින් ඊයේ දිනයේ දී අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. 
ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ඉල්ලීමට අනුවයි. 
තෝරා ගන්නා ලද සැපයුම්කරු විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වෙත ප්‍රකාශ කර ඇත්තේ නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් අදාළ ටෙන්ඩරය ක්‍රීයාත්මක කළ නොහැකි බවයි. 
මේ අනුව එම ටෙන්ඩරය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් නව ටෙන්ඩරයක් සඳහා නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. 
කෙසේ වෙතත් මේ වන විට උද්ගතව පවතින ගල් අඟුරු හිඟය මගහරවා ගැනීම සඳහා පසුගිය වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES