අත්‍යාවශ්‍ය භාණ්ඩ 5 ක මිල අඩු කිරීමට පියවර

(sulochana dharmarathne )

23 Sep 2022 | 4:15 PM 10



ලංකා සතොස මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 5 ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. 

මේ අනුව ලබන 30 වනදා දක්වා පමණක් අදාළ භාණ්ඩවල පහත දමන බවයි ලංකා සතොස පාරිභෝගික ජනතාවට දැනුම් දෙන්නේ. 

ඒ අනුව රුපියල් 175 ක්ව පැවති ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා.

රුපියල් 285 ක් පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 7 කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 278 ක් ලෙසයි. 

මීට අමතරව ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 6 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 179 ක් වන බව සඳහන්. මීට පෙර එහි මිල සටහන් වූයේ රුපියල් 185 ක් ලෙසයි. 

ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 9 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 185 ක් වනවා. 

එමෙන්ම ආනයනික රතු පරිප්පු කිලෝවක් රුපියල් 415 ක් දක්වා අඩු කර ඇති අතර එහි පෙර පැවති මිල රුපියල් 429 ක්.  



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES