කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරේ

(sulochana dharmarathne )

23 Sep 2022 | 4:30 PM 12



කතරගම ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට හා ඉදිරි කාර්යය ඉටු කිරීමට මොනරාගල සහකාර පළාත් පාළන කොමසාරිස්වරයාට ගැසට් නිවේදනයක් මඟින් බලය පවරා තිබෙනවා. 
 
කතරගම ප්‍රදේශීය සභාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීම ඊට හේතුවයි. 
 
ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව එම ප්‍රාදේශීය සභාව විසිරුවා හැර තිබෙනවා. 
 
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එහි මන්ත්‍රීවරුන් විවිධ වංචා හා දුෂණ චෝදනාවලට සම්බන්ධ බවට සිදුකළ විමර්ශනයකදී කරුණු අනාවරණ වීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාව මෙලෙස විසුරුවා හැරුණු බව සඳහන්.



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES