මිලියන 46ක ජාවාරම මාට්ටු !

23 Sep 2022 | 4:45 PM 43



නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ අද දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ මෝටර් රථ දෙකක් , යතුරු පැදි දෙකක්  සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබන බවයි නාවික හමුදාව සඳහන් කළේ

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය  ආයතනය මඟින් නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලද අතර, එහිදී නිවසක් අසළ නවතා තිබූ මෝටර් රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ, පාර්සල් හැත්තෑ අටක (78) අසුරන ලද කේරළ ගංජා කිලෝ 155 ග්‍රෑම් 450 ක පමණ තොගයක් හමු වුනා.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 46 කට අධිකයි.


නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

නොරොච්චෝලය පොලිස් ස්ථානය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES