ජීවිත කාලෙටම කියවලා ඉවර කරන්න බැරි පොත් තියෙන තැනක්

(Gihan Sampath )

29 Jan 2021 | 9:30 AM 175



කතාවක් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියන්නේ මිනිහෙක් සම්පූර්ණ වෙන්න කියවීම කියන දේ තියෙන්නෙම ඕනනේ. කියවනවා කිව්වම ගොඩාක් දේ අපි කියවනවා. පත්තර කියවනවා.පොත් කියවනවා.මේ අතරින් පොත් කියවන්නන අපිට ගොඩක් උදව් වෙන තැනක් තමයි පුස්තකාලය කියන්නේ. පුස්තකාලයක තියෙනවා වගේ පොත් අපිට ගෙදර තියාගන්න බැහැනේ. පොත් කියවන අයට පුස්තකාලයක් කියන දේ රත්තරන් වගේ වටිනවා. පුස්තකාලය පොඩිද ලොකුද කියලා එයාලට ගාණක් නැහැ.

ඉතින් ජීවිත කාලයටම කියවලා ඉවර කරන්න බැරි පොත් තියෙන පුස්තකාලයකට ඔයාලට යන්න තියෙනවා නම් කොහොමද ? මේක මෙන්න එහෙම කතාවක්. ලෝකේ තියෙනවා ඒ වගේ ජීවිතේ පුරාවටම කියවලා ඉවත් කරන්න බැරි වෙන පොත් තියෙන ලොකු පුස්තකාල. ඒ අතරින් ලෝකේ විශාලම පුස්තකාලය තමයි British Library කියන්නේ. 

මේ British Library එහෙමත් නැත්තම් බිතාන්‍යය පුස්තකාලය පිහිටලා තියෙන්නෙ එක්සත් ජනපදයේ ලන්ඩන් නගරයේ. මේ පුස්තකාලය තමයි එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය. ඒ වගේම ලෝකයේ ලොකුම පුස්තකාලය විදිහට දැනට සැලකෙන්නෙත් මේ පුස්තකාලය. මේ බිතාන්‍යය පුස්තකාලයේ පොත් පත්, සඟරා ඇතුළු දේවල් මිලියන 170 - 200 හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරට සුප්‍රසිද්ධ Beatles සංගීත කණ්ඩායමේ ගීතවල අතින් ලියූ මුල්පිටපත් වගේම ප්‍රසිද්ධ නවකතාකාරිනියක් වන ජේන් ඔස්ටන්ගේ අවසාන නවකතාව වන Persuasion කියන නවකතාවේ කොටසක මුල් පිටපත් පවා ඇතුළත් වෙනවා. 1973 වර්ෂයට කලින් බිතාන්‍යය කෞතුකාගාරයේම කොටසක් විදිහට පරිපාලනය වුණ මේ පුස්තකාලය 1972 බිතාන්‍යය පුස්තකාල පනත මඟින් කෞතුකාගාරයෙන් වෙන්කරල වෙනම පරිපාලනයකට යටත් කරලා තියෙනවා.



COMMENTS


TOP STORIES


ජීවිත කාලෙටම කියවලා ඉවර කරන්න බැරි පොත් තියෙන තැනක්

කතාවක් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියන්නේ මිනිහෙක් සම්පූර්ණ වෙන්න කියවීම කියන ද

29 Jan 2021 | 9:30 AM 175


බස් එකේ ගියත් කොරෝනා - සැප වාහනේ ගියත් කොරෝනා

15 Jan 2021 | 10:30 AM 156


මාස්ක් එක නිසා ඔබේ ජීවිතෙත් මේ විදියට වෙනස් වෙලාද ?

06 Jan 2021 | 7:45 AM 162


ඩිජිටල් තිරයකට මුවා වූ අපේ ජීවිත

30 Dec 2020 | 1:15 PM 158


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES