09 Feb 2021 | 12:15 PM
303
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගෙන්නේ මහින්ද රාජපක්ෂ නැමති ප්රතාපවත් චරිතය මුල් කරගෙන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා වටා ඒකරාශි වූ මහා ජන බලවේගය පසුකාලීනව සුළි කුණාටුවක් බවට පත්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් අභිෂේක ලැබූ බවද එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළා. අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා පුවත්පත් සංවාදයකදී සඳහන් කර තිබූ කාරණාවකට පිළිතුරු පළ කරමින් අද පෙරවරුවේ වී එෆ් එම් රේඩියෝවේ ප්‍රචාරය වූ සිද්දමුල්ල කාලීන වැඩසටහනට දුරකතනය ඔස්සේ සජීවීව එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ සාගර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී රටට විශිෂ්ඨ සේවයක් ඉටු කළ නායකයෙකු බැවින් වර්තමානයේ ජනාධිපතිවරයා බවට පත් වීමෙන් අනතුරුව ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදීම සුදුසු ක්‍රියාවක් වනු ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට විමල් වීරවංශ අමාත්‍යවරයාට කිසිඳු අයිතියක් නොමැති බවයි.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් සීමා කර තැබීම සුදුසු ක්‍රියාවක් නොවන බැවින් ඒ හරහා මන්ත්‍රිවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින සබැඳියාව දුබල වීමටද එය හේතුවක් වනු ඇති බවයි විමල් වීරවංශ අමාත්‍යවරයා එම පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කර ඇත්තේ.
මේ අතර අද සිද්දමුල්ල වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද මෙම කාරණාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ
කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිඳු ආකාරයක හිංසාවක් හෝ පීඩාවක් ඇති වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.
මේ අතර අද මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේ දී එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිස එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා.
2015 වසරේ ජනවාරි මස 8 වැනිදා එවකට ජනාධිපතිවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමත් සමග යළි දේශපාලන කරළියට ඔසවා තැබීමේ ප්‍රධාන බලවේගයක් ලෙස තමා ද කටයුතු කළ බව විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිවෙකුටත් කතා කිරීමේ නිදහස අහිමි කර නොමැති බවද
විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES