(chandani jayasinghe )
23 Feb 2021 | 7:00 AM
26
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි .පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා .සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන් .එමෙන්ම ඔහු අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා .මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණත් පසුව එය අවලංගු කෙරිණා.
TOP STORIES
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති
08 Mar 2021 | 5:45 PM
20
FEATURES