ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

(chandani jayasinghe )

23 Feb 2021 | 7:00 AM 38



ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ නැවත වරක් ඉහල ගොස් තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 63 යි ශත 34 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 60 කට ආසන්න වී ඇති බව සඳහන්. එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුල ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 20 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යාම ද විශේෂත්වයක්.ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල නැවතත් ඉහළ යාම මෙරට බාහිර වෙළඳ ක්ෂේත්‍රය කෙරෙහි ඍජු බලපෑමක් ඇතිකරන බවයි. 

කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගිය ද එහි බර ජනතාව වෙත පැවරීමට සූදානම් නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ. ඔහු මෙම අදහස් පළ කළේ වැටුප් ගැටලූ සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 20


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 34


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 21


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES