(chandani jayasinghe )
23 Feb 2021 | 7:15 AM
32
විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සජීවීව අද ජිනීවා වේලාවෙන් පස්වරු 4.45ට සවිස්තරාත්මකව සැසිවාරය හමුවේ අදහස් පළ කිරීමට නියමිතයි .අනතුරුව හෙට ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව අදාළ සියලුම පාර්ශ්ව සමග සිදුකෙරෙන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා . එය පස්වරු 3.00 ට ආරම්භ වනු ඇති කෙසේ වෙතත් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාවේ අන්තර්ගත කරුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාව දැනටමත් ජිනීවා වෙත පිළිතුරු යොමුකර තිබෙනවා . මෙවර සමුළුවට සාමාජිකත්වය ලබා ඇති රටවල් සංඛ්‍යාව 47ක් .ඒ අතුරින් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙරටට එරෙහිව ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනා අන්තර්ගත වාර්තාව හේතුවෙන් .මෙම වාර්තාව පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ප්රමුඛ රටවල් 5 ක විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් මෙවර සැසිවාරයේදී සම්මත කරගැනීමට නියමිතයි
TOP STORIES
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති
08 Mar 2021 | 5:45 PM
20
FEATURES