සිනමාවේ අර්බුදයක් නැහැ.සිනමා කලාව ,සිනමා කර්මාන්තය කියන්නෙ එකිනෙකට වෙනස් අංශ.ප්රවීණ රංගධර ජැක්සන් ඇන්තනී පවසයි.
බහුතරයක් සිනමා අර්බුදය යන්න පිලිබඳව කතා කළත් එලෙස අර්බුදයක් නැහැ.අර්බුදය තියෙන්නෙ රට තුල.සිනමා කර්මාන්තය තුල තිබෙන හානිය දේශපාලන ආර්ථික හා සමාජ හානියම පමණයි.එසේ නොමැතිව සිනමාවේ අර්බුදයක් නැහැ.
වසරකට කොතරම් සිනමා නිර්මාණ බිහි වුවත් එයින් සාර්ථක වන්නෙ නිර්මාණ කිහිපයක් පමණක් බවත් ඔහු පවසා සිටියා.උදාහරණයක් ලෙස ඉන්දියාවේ චිත්රපට දහසක් පමණ නිර්මාණය වුවත් කතා බහට ලක් වන්නෙ නිර්මාණය කිහිපයක් පමණි.ලංකාවේ සිනමා නිර්මාණ කෙතරම් බිහි වුවත් සාර්ථක වන්නෙ කිහිපයක් පමණයි.එයින් ප්රකාශ වන්නෙ සිනමාවේ අර්බුදයක් ඇති බව නොවේ.
එනිසා කෙසේ කීවත් මේ වන විට සිනමාවේ අර්බුදයක් පැන නැගී නැති බව ප්රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පවසා සිටියේ ප්රවීණ චිත්රපට අධ්යක්ශ වින්දන ආරියවංශ සමග වී එෆ් එම් නාලිකාවේ පැවති දන්න දෙන්නෙක් වැඩසටහනට පසුගියදා සහභාගි වෙමින්.