ගංජා වගාවක් විනාශ කරොත් අවම දඩය ලක්ෂ පනහයි

(Naveen Pramodya )

23 Feb 2021 | 12:00 PM 118



ජැමෙයිකා රාජ්‍ය තුල පුද්ගලයකුට ගංජා ශාක පහක් වගාකල හැකි බව  මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසනවා . එවන් වගාවක් විනාශ කරන පුද්ගලයකුට අවම දඩය වශයෙන් ලක්ෂ පනහක මුදලක් ගෙවීමට එරටදී සිදුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළා .

දුම් වැටියක ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය අටසියයක ට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර ස්වභාවිකව නෙලා ගන්නා ගංජා තුල එසේ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු නැති බව ඔහු පෙන්වා දෙනවා . ගංජා භාවිතය හේතුවෙන් ජැමෙයිකාව තුල හෙරොයින් වැනි විශ මත්ද්‍රව්‍ය වර්ග භාවිතයට ජනතාව යොමු නොවන බව ප්‍රතිභා මහානාම මහතා පවසනවා .

එරට තුල රස්ටෆාරී නම් දහම අදහන පුද්ගලයන් සදහා ඕනෑම තැනක ගංජා පානය කල හැකි වන අතර එම දහමට අයත් නොවන පුද්ගලයන් සදහා අවශ්‍ය කරන වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමෙන් අනතුරුව ගංජා පානය සදහා අවසර ලැබෙන බව ඒ මහතා පවසනවා .

ලෝක ප්‍රකට ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් හට අයත් අවන්හලෙහි මෙම ගංජා විවිධ ආකාරයෙන් සකසා ඇති අතර ඒවා භාවිතයට අවශ්‍ය කරන සියලු පහසුකම් එහි සකසා දී ඇති ආකාරය මහානාම මහතා විස්තර කරනු ලබනවා .

ඉහත එතුමා විසින් කරන ලද ප්‍රකාශයන් කිසිදු ආකාරයක ප්‍රචාරණයක් සදහා නොවන බව ඔහු අවධාරණය කරනවා .

පසුගියදා වී FM නාලිකාවේ විකාශය වූ " මේ මමද ? " වැඩසටහනට සහභාගී වෙමින් ජැමෙයිකා විශ්ව විද්‍යාලයේ නීති අංශ පීඨාධිපති , කොළඹ විශ්වවිද්‍යාලයීය ජේෂ්ඨ කථිකාචාර්ය , මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා ඉහත අදහස් පවසනු ලැබුවා .
 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES