පරිස්සමෙන් යන්න සුදුසම තැන සිනමාශාලාව බව ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා පැවසුවා. වී එෆ් එම් දන්න දෙන්නෙක් වැඩසටහන හා එක් වෙමින් ඔහු මෙම අදහස් පලකළා.
ජනතාව බස්රථ තුළ කෝච්චි තුළ හා වෙළද සංකීර්ණ තුළ නිරෝධායන නීති රීති නොසලකමින් දැඩි තදබදයකින් හැසිරෙන බවයි එතුමා පවසුවේ. මෙම නිසා ජනතාවට සිනමාශාලාවලටද යාමට හැකිය. අන් කවර තැනකටත් වඩා සිනමාශාලාව ඉතා ආරක්ශාකාරී බවයි මෙතුමා පවසන්නේ.
පවතින වසංගත තත්වය නිසා පාසල් යන සියලු දුවා දරුවන් ඉතාමත් පීඩාකාරී ජීවිතයක් ගත කරන බවයි මෙතුමා ප්‍රකාශකර සිටින්නේ. නිවසේ රැදී සිටිමින් උදේ සිට රාත්‍රී වන තුරු පාසල් හා අමතර පංතිවල අධ්‍යන කටයුතු සිදුකරන බවත් මේ නිසා ඔවුන්ගේ මනසටද විවේකයක් අත්‍යවශ්‍ය බව මෙතුමාගේ අදහසයි.
මේ දිනවල තිරගත වන රූකඩ පැංචි චිත්‍රපටය වැල්ලවත්ත සැවොයි, ලිබර්ටි, සිනමැක්ස් ඇතුළු දිවයින පුරා සිනමාශාලාවල තිරගත වෙයි. පවුලේ බාලමහළු සියලු දෙනාට ඉතා ආරක්ශාකාරීව චිත්‍රපටයක් නරඹා පැමිණීමට මෙම කාලය තුළ හැකියාව ඇති බවයි මෙතුමා ප්‍රකාශ කර සිටින්නේ.