(Sulochana Darmarathna )
25 Feb 2021 | 11:15 AM
64
''මගේ යාලුවෝ මට කතා කළේ නෙල්ලිකැලේ බුරියා කියලා.''
''මුල් කාලේදි නම් මගේ හිත රිදුණා.''
''හැබැයි.. ටික කාලයක් යන කොට ගාණක් වුණේ නෑ.''
''ඒ කාලෙදි ඇති වෙන්නේ ගෑණු ළමයින්ගේ ආකර්ශනය නැති වෙයි කියන බයනේ.''
''මට බය හිතුනේ ඒකයි.''
''මාව කැත මිනිහෙක් බවට පත්වෙයි කියලා.''
''ඒකම මං පස්සේ අභියෝගයක් බවට පත්කර ගත්තා.''
මෙහෙම කිවුවේ ගීත රචකයෙක්, රූප රචනා අධ්යක්ෂවරයෙක් වගේම සමාගම් අධ්යක්ෂවරයෙක් වන වසන්ත දුක්ගන්නාරාළ මහත්තයා.
''මගේ අම්මා මාව ජීවිතේට ටෙලිවිෂන් එකේ දැකලා නෑ.''
''මං උපාධිය සමත් කියලා ලියපු ටෙලිග්‍රෑම් එකක් විතරයි අම්මා දකින්නේ.''
''ඊට පස්සේ අම්මා මිය යනවා.''
''මගේ පළවෙනි ඉන්ගම්මාරුව ටෙලි නාට්‍ය විකාශනය වෙන්නෙත් මගේ අම්මගේ හත් දවසේ දානේ දවසේදි.''
''මගේ අප්පච්චි තමයි මාව මේ දක්වා විශාල මිනිහෙක් වෙනකල්ම මාව හදා ගත්තේ.''
''ඒ වුණාට මගේ අප්පච්චිත් මිය යනවා වී එෆ් එම් එක ලෝන්ජ් වෙන්න සතියකට කලින්.''
''අප්පච්චිගේ හත් දව්සේ දානෙ ඉවර කරලා ඇවිත් තමයි මං වී එෆ් එම් එකේ ලෝන්ජ් එකට ගෝල්ෆේස් හොටෙල් එකට ඇවිත් සහභාගී වෙන්නේ.''
ජීවිතේ අමතක නොවන තැන් කිහිපයක් ගැන කතා කරන කොට තමන් ලබපු හිමිවීම් හා අහිමිවිම් ගැනත් ඔහු අන්න එහෙම මතක් කළා.
TOP STORIES
නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.
ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස
11 Apr 2021 | 12:00 PM
89
FEATURES