කොදෙව්වන්ට එරෙහි පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාදයි

(Gihan Sampath )

04 Mar 2021 | 7:30 AM 54



ඇන්ටිගා හිදි පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 131 ක්.

පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභියා වු අතර ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 39ක්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 33කටද / දිනේෂ් චන්දිමාල් ලකුණු 11කටද දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ ලෙන්ඩි සිමන්ස් ලකුණු 26ක් සහ එවින් ලුවිස් ලකුණු 28 ක් ලබාගැනීමට සමත් වුණා.

ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර, කිරන් පොලාඩ් ලකුණු 38 ක් ලබාගත්තා.

ඒ අනුව තරග 3කින් සමන්විත දෙරට අතර 20යි 20 තරගයේ තරග 1ට 0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 29


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES