(Sudesh Weesingha )
04 Mar 2021 | 11:30 AM
98
චිත්‍රපට පසුබිම් සංගීතයේ ප්‍රවීණයන් දෙපලක් වන ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සහ ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශ සූසංයෝගය චිත්‍රපට පසුබිම් සංගීතයට දායකත්වය ලබාදී මේ වෙද්දී වසර 40 ට වඩා කාලයක් ගත වෙලා. වසර 40 පුරාවටම නොමැකෙන, අදටත් එක ලෙස ජනප්‍රිය ගීත යූගලයක් වන ‘සීත අරණේ’ හා පණ්ඩිත් අමරදේවයන් ගායනා ‘ආරාධනා’ ගීත දෙකම පද රචනය කරලා තියෙන්නේ කුලරත්න ආරියවංශ මහතා. ඒ වගේම තමයි ඒ ගීත දෙකෙහිම සංගීත නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහතා විසින්. පසුගියදා වී FM දන්න දෙන්නෙක් වැඩසටහනට කුලරත්න ආරියවංශ මහත්තයයි රෝහණ වීරසිංහ මහත්තයයි සහභාගි වුණා. ඒ අවස්ථාවේදී තමයි දෙදෙනා එක්ක එකතු වෙලා මේ සුන්දර මතකය අවදි කළේ. මෙතුමන් දෙපල මෙරට සංගීත නිර්මාණ රැසක් කලා ලොවට දායාද කරලා තියෙනවා වගේම ඒ ඔස්සේ වටිනා කලාකරුවන් රාශියක්ම බිහිවෙලා තියෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සහ ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශ සහභාගි වූ වී FM දන්න දෙන්නෙක් සම්පූර්ණ වැඩසටහන වීඩියෝව පහතින්...
TOP STORIES
නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.
ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස
11 Apr 2021 | 12:00 PM
89
FEATURES