කළු ඉරිදාවට එක් වූ නෙහාරා හා මේනක

(Sulochana Darmarathna )

08 Mar 2021 | 12:30 PM 61



අප්‍රේල් 21 කියන්නේ සියලු ජනතාවගේ නෙතගට කඳුලක් එක් කෙරුණු දිනයක්.

යළිත් ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් තැනිත් තැන එල්ල වීමත් එක්ක වසර 30 ක පමණ කාලයක් තිබූ යුද්ධය එදින නැවත සියලු ජනතාවට මතක් කළා.

අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල වුණේ පල්ලි හා ආශ්‍රිතවයි.

දේවස්ථාන කිහිපයකම එදින පූජාවන් පැවැත්වෙමින් තිබුණා.

මෙහිදී පුද්ගලයින් 300 කට ආසන්න පිරිසකට ජිවිත අහිමි කරමින් හා තුවාල සිදුකරමින් අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාරය එල්ල වුණා.

තවත් දින කිහිපයකින් අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙලා වසරක් ගත වෙන්නත් යනවා.

ඊට පස්සේ ප්‍රහාරය ගැන හොයන්න කොමිසමක් පත් කළා.

මේ වෙන කොට අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශනත් අවසන් වෙලයි තියෙන්නේ.

ඒකට අදාළව සිදුකෙරුණු විමර්ශන වාර්තාව ජනාධිපතිවරයාට හා කාදිනල් හිමිපාණන් අතටත් හිමිවෙලයි තියෙන්නේ.

කොහොමවුණත්, ඊයේ දිනයේ දී ඉරිදාවක් වුණු නිසාත්, බෝම්බ ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු නිවැරදිව සිදුකරන්න කියලත්, වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න කියලත් රජයට බල කරලා කළු ඉරිදා දිනයක් නම් කළා.

මේකට දායක වෙලා සියලු ක්‍රිස්තියානි ජනතාව සහය දැක්වූවා.

ඒ තමයි කළු ඇඳුමෙන් සැරසිලා දායක වෙලා.

කළු ඉරිදාවට සහයෝගය දක්වලා රංගන ශිල්පී මේනක රාජපක්ෂ හා ඇයගේ බිරිඳ නෙහාරා පීරිස් ද එක්වෙලා තිබුණා.

ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට ඡායාරූපයක් මුදාහරිමින් ඔවුන් ඊට සහයෝගය දැක්වූ අයුරු ගැන සටහනක් දාලා තිබුණා.



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES