සියදිවි හානි කරගැනීමට තැත් කළ මේගන්

(Sulochana Darmarathna )

08 Mar 2021 | 12:30 PM 86



බ්‍රිතාන්‍ය රජය පවුල කිවුවම ලෝකයේම අවධානය ඒ වෙත යනවා.

මෙහෙම අවධානය යොමු වෙන කොට ඒකෙත් ඉදිරියෙන්ම ඉන්නේ හැරී කුමරුත් ඔහුගේ ආර්යයා  මේගන් මාර්කල්.

ඔවුන් දෙන්නත් සමාජ මාධ්‍යයේ වගේම, රූපවාහිනි මාධ්‍යයේත් නිරන්තරයෙන් පුවත් මවන්නන්.

මේ වෙන කොට ඔවුන් දෙන්නාගෙන් කෙනෙකුට ජීවිතය එපා වුණ හින්දා සියදිවි නසා ගන්න හිතුණා කියලා කියනවා.

එයා තමයි මෙන්න මෙයා....මේගන් මාර්කල්.

රජ පවුලෙන් ඉවත් වෙලා මේ දෙන්නා ටික කාලෙකට ඈතකට ගියා.

හැබැයි මේ දෙන්නගේ රජ පවුලෙන් ඉවත් වීමත් එක්කම ඔවුන් දෙන්නට දීලා තිබුණ ආරක්ෂාව ඉවත් කළා.

කොහොමහරි මේ දෙන්නා ආරක්ෂාව පතාගෙන අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට යන්න තීරණය කළා.

ඒ වගේම, තමන්ගේ පියා වෙන චාර්ල්ස් කුමරු තමන්ට ගන්න දුරකතන ඇමතුම්වලටත් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකුණා කියලයි හැරී කුමරු කියන්නේ.


ඒ වගේම ඔවුන් ලබපු තවත් අවස්ථාවක් ගැන මෙන්න මෙහෙම එරට මාධ්‍ය වෙත කියලා තිබුණා.

ඒ තමයි.. තමන්ට දාව ලැබුණු පළමු බිළිඳා වුණු ආර්චි කුමරුට රාජකීය තත්ත්වය දුන්නා කියලා.

කොහොමවුණත් ඇය මෙන්න මෙහෙමත් කියලා තිබුණා.

තමන්ට ලැබුණු බිළිඳාගේ සමෙහි පැහැය සුදු ජාතිකයෙකුගේ තරම් නොවුණා කියලා.

කොහොමවුණත්... මේ වෙන කොට ඔවුන් දෙපලට දාව තවත් දරු ප්‍රසූතියක් වෙනුවෙන් අපේක්ෂාවෙන් ඉන්න බවත් සඳහන් කරලා තිබුණා.

ලැබෙන්න ඉන්න දරුවා බිළිඳියක් බවට කියන්නත් ඔවුන් අමතක කරලා තිබුණේ නම් නැහැ.



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES