08 Mar 2021 | 5:30 PM
43
පාස්කු ප්‍රහාරය සිදු කළ අයෙක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා කළ බව කියන ප්‍රකාශය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 6 දෙනෙක් අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රකාශය ද්වේශ සහගත බවත්, එහි සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. එම පැමිණිල්ලට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
අද දිනයේ දී මන්ත්‍රිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් මන්ත්‍රිවරයා
අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
TOP STORIES
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ
22 Apr 2021 | 8:00 AM
16
FEATURES