08 Mar 2021 | 5:45 PM
57
කොරෝනා මරණ ඉරණතිවු දූපතේ භූමදානය කිරීම සඳහා රජය ගෙන තිබූ තීරණය ඉවත් කරගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ඉරණතිවු දූපතේ කොරෝනා මරණ භූමදානය කිරීමට ගෙන ඇති තීරණය නතර කරන්නැයි තමන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත්, ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
කොරෝනා මරණ ඉරණතිවු දූපතේ භූමදානයට ගෙන තිබූ තීරණය නතර කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කරන බවත්, නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම නිවේදනයේ දක්වා ඇත්තේ ඉරණතිවු දූපත ආර්ථිකමය වශයෙන් ප්රතිලාභ ලැබිය හැකි දූපතක් බවත්, එය රැකගැනීම රජයේ වගකීම වන බවයි.
TOP STORIES
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ
22 Apr 2021 | 8:00 AM
13
FEATURES