ලේ බැංකුව තුලින් කිසිම විටක මුදලට රුධිරය ලබා නොදෙන බව "ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ" අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.
"V Fm කතා මිනිස්ට්‍රි" වැඩසටහන හා එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ,
ලෝකයේ ඉහළම ස්ථානයක ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානය පවතින බවයි. එයට හේතුව වන්නේ 100•/• ම ස්වෙච්ඡාවෙන් කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන දායකයන් මත ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවතින නිසා බවයි.
මුදල් මත මෙම ක්‍රියාවලිය සිදුවුවහොත් ප්රතිලාභ ලබා ගැනීමේ අරමුණින් අනාරක්ෂිත රුධිර දායකයන් ඉදිරිපත්වීමට ඉඩකඩ ඇති නිසා ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ මුළු පද්ධතියම අනාරක්ෂිත වන බව ඔහු පෙන්වා දෙනවා.
එම නිසා "ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානය" තුලින් මුදලට ලේ මිලදී ගැනීමක් සිදුකර නොහැකි බවයි ඔහු පවසන්නේ.