15 Mar 2021 | 4:00 PM
33
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ ක්‍රීඩා අණ පනත් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි. කෙසේවෙතත් මෙම පෙත්සම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි වගඋත්තරකරුවන් වෙත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගකර ඇත්තේ.
TOP STORIES
ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා
20 Apr 2021 | 7:00 AM
4
FEATURES