හමාර බණවර ඉපදුණු හැටි

(Sulochana Darmarathna )

16 Mar 2021 | 3:15 PM 539



'හැම කවියක්ම ගීතයකට පෙරළන්න බෑ.'

'ඒක කරන්න ටිකක් අමාරුයි.'

'ඒත් මේ වැඩේ කොහොම හරි වුණා.'

'අපි හිතුවේ නෑ මේක මේ තරම් ජනප්‍රියත්වයට පත්වෙයි කියලා.'


මෙහෙම අපිට කිවුවේ ඡායාරූප ශිල්පිණියක්, කිවිඳියක් හා ගී පද රචිකාවියක් වන ඉරේෂා හේමමාලි. ඇය මේ තමයි හමාර බණවර කවිය ලිවුවේ. මේ කවිය අවසානයේ ගීතයකට පෙරලිලා තියෙන්නේ විචාරකයෝ මේක විචාරය කරන්න පටන් ගත්තට පස්සේ.

'රවි රොයිස්ටර් මෙම ගීතයේ මෙලඩිය දැම්මා.'

'මගේ පොත් ප්‍රදර්ශනයක් තිබුණ තැනකදී මේ ගීතය මුලින්ම ඔහු ගායනා කළා.'

'අන්න එදා මං හිතුවේ නැති විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ආවා.'


මාස නවයක් විතර හොඳට අධ්‍යයනය කරලා ගත්ත ගීතයක් මෙච්චර ජනාදරයට පත්වුණේ ඔන්න ඔහොම තමයි කියලයි ඉරිදාලංකාරය වැඩසටහනට සහභාගී වෙලා ඇය අපිට කිවුවේ.

''පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹෙ කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ...''

''කන්ද පා මුල සොහොන හුරු නෑ දන්නවා මං මගේ පුතේ
මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං ඉතිං යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයං අම්මගේ....''
 


 
 
 



COMMENTS


TOP STORIES


ගගන් මලික් පැවිදි දිවියට

බෞද්ධ රටක් වුණු ශ්‍රී ලංකාව ආගමට අදාළ වන විදිහෙ නාට්‍ය වගේම චිත්‍රපටත් සිනමා අධ්‍යක්ෂවරුන් යටතේ

11 Feb 2022 | 11:30 AM 80


උ/පෙළ දරුවන්ට ඔවදනක්

04 Feb 2022 | 12:30 PM 204


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 144


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 154



FEATURES