සූවස් ඇළේ සිරවී ඇති නෞකාව මුදාගැනීමට නව මෙහෙයුමක්

(Gihan Sampath )

28 Mar 2021 | 1:15 PM 33



ලොව කාර්යබහුලතම නෞකා මාර්ගයක් වන ඊජිප්තුවේ සූවස් ඇළ අවහිර කරමින් අක්‍රිය වූ දැවැන්ත බහලුම් නෞකාව යළි දියඹට එක් කිරීම සඳහා මේ වනවිට නව ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

ටග් යාත්‍රා 14 ක් ඊයේ වඩදිය අවස්ථාව උපයෝගී කරගනිමින් නෞකාව මුදාගැනීමට උත්සාහ කරන බවයි සූවස් ඇළේ පාලනාධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම අද දිනයේදීද තවත් ටග් යාත්‍රා එක්වී නෞකාව මුදාගැනීමට උත්සාහ කිරීමට නියමිතයි.

එවර් ගිවන් නමැති මෙම නෞකාව සූවස් ඇළ අවහිර කරමින් පසුගිය අඟහරුවාදා අක්‍රිය වීමත් සමඟ නෞකා 300 කට අධික සංඛ්‍යාවක් ඇළ දෙපස පෙළ ගැසී තිබෙනවා.

ඇතැම් නෞකා දකුණු අප්‍රිකානු සුබ පැතීමේ තුඩුව හරහා යුරෝපය වෙත ගමන් කිරීමට කටයුතු යොදා තිබුණා.

මේ වනවිට ක්‍රියාත්මක උත්සාහය අසාර්ථක වුවහොත් මීළඟ පියවර වන්නේ නෞකාවේ බහලුම් යම් ප්‍රමාණයක් ඉවත් කර එය සැහැල්ලු කිරීමයි.

මීටර 400 ක් දිගැති ටොන් දෙලක්ෂයක් බර ලොව මෙතෙක් නිපදවූ විශාලතම බහලුම් නෞකාවක් වන එවර් ගිවන් තායිවාන එවර්ග්‍රීන් මැරීන් සමාගමට අයත් වනවා.

ජපානයේ ෂොයි කිසන් සමූහය එම සමාගමේ හිමිකාරත්වය දරන අතර, එහි සභාපති යුකිටෝ හිගාකි ප්‍රකාශ කර ඇත්තේ, නෞකාව කඩිනමින් දියඹට එක් කිරීමට හැකිවනු ඇති බවයි.



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES